BREAKING NEWS
Search

ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයක්..!

682

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය (World Association of Chefs Societies – WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි.

එහි ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයින් හඳුනා ගැනීම සඳහා යි.

මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.

dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!