BREAKING NEWS
Search

රනිල් සහ ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක් – මහින්දත් එක්වෙයි

3858

 

 

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

අද (23) දහවල් 12ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී ඇති බව වාර්තා වෙයි.

source – ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!