BREAKING NEWS
Search

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදි යහනේදීම මරුට

1893

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි.

ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ.

එහිදී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති අතර ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇත්තේ රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බවය.

සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!