BREAKING NEWS
Search

යොවුන් සමුළුව මුවාවෙන් පෙම්වතා සමඟ පෙම්සුව විදීමට ගිය සිසුවියකට වැඩ වරදී..

3098

 

 

ඇයගේ ගමන ගැන මවට කොහොමත් මුල ඉඳලාම සැකයක් තිබුණා..

වාසනාවකට වගේ ඇගේ සැකය නිසා අද මේ සිසුවියගේ ජීවිතය බේරිලා…

නොහික්මුණු වයසේ පසුවන සිසුවියක් වූ ඇය පෙමවතා එක්ක මෙහෙම ගමනක් යන්න තීරණය කළේ ඇයි..?

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ජාතික යොවුන් සමුළුවට පාසලේ සිසුවියන් සමග යන බවට මවට බොරු කියා නිවසින් පිටව ගොස් තම පෙම්වතා සමග ගිය බව කියන අවුරුදු 15ක් වයසැති 11 වැනි ශ්‍රේණියේ සිසුවියකගෙන් අනාවරණය කර ගත් කරුණු අනුව එම 18 හැවිරිදි පෙම්වතා අළුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඉකුත් 12 වැනිදා උදේ 6.30 ට පමණ නිවසින් පිටත්ව ගිය දැරිය ධර්ගා නගරයේ සුපිරි වෙළෙඳසලක් අසලදී පෙම්වතා සමග ත්‍රීරෝද රියකට නැග අළුත්ගම නගරයට පැමිණ එතැන් සිට අවිත්තාව – කොළඹ බස් රථයකින් කොළඹ කොටුවට පැමිණ ඇති අතර, මේ අතර දියණියගේ ගමන පිළිබඳව සැක සිතූ මව ඇගේ පාසලේ ගුරුතුමියට ඇමතුමක් ගත්විට ඇය පවසා ඇත්තේ පාසලේ චාරිකාව අලුයම 5.00 ට පිටත්වූ බවත් මෙම දැරිය ඊට එක් නොවූ බවයි…

පසුව දැරිය තමාට දුරකථනයෙන් කතා කර තම සහෝදරයා සමග සුගතදාස ක්‍රීඩාංගණය අසලට පැමිණ බස් රථයට ගොඩ වන බව පැවසූ බව ද ගුරුවරිය මවට ප්‍රකාශ කර තිබෙනවා..

එම ගුරුවරියට දැරියගේ ඇමතුම ලැබී ඇත්තේ පෙම්වතාගේ දුරකථන අංකයෙන් බව පසුව අනාවරණය වී තිබුණා…

සැකකාර පෙම්වතා ඊයේ (13) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.. අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. කේ. රත්නසිංහම් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිශාදි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!