BREAKING NEWS
Search

අවසන් ගමනට පෙර සංවේදී සටහනක්.. යටිනුවර විපක්ෂ නායක ලියූ ඒ ලිපියේ තිබුනේ මොනවාද ?

10986

 

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්තසිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනයකර සියදිවි හානිකර ගෙන ඇත්තේ මුදල් ප්‍රශ්නයක් මත ව්‍යාපාරිකයෙකුගෙන් එල්ලවූ දැඩි පීඩනයක් මුල්කරගෙන බව මූලික විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

ඊට අදාල සෑම තොරතුරක්ම සඳහන් කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබී ඇති අතර එම ලිපිය නිවසේ තිබී පොලිසියට හමුවී ඇති බව සඳහන්.

මෙම මරණවලට වගකිව යුත්තේ අදාල ව්‍යාපාරිකයා බව එම ලිපියෙහි සඳහන්කර තිබෙනවා.

එම ව්‍යාපාරිකයා පොලිසියේ මෙන්ම ජාතික පොලිස් කොමිසමේද සිටි බලවත් නිලධාරියෙක් වන මේ වනවිට ජීවතුන් අතර නැති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙක්.

තමාව ව්‍යාජ නඩුවකට පැටලවීම් ගැන මෙන්ම එම චෝදනාවෙන් ගලවා ගැනීමට නීතිඥවරයෙක් විසින් මහනුවර පොලිස් ලොක්කෙකුට අල්ලස් ලෙස ලබාදීමට යැයි සඳහන් කරමින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගැනීම ගැනත් එම ලිපියෙහි සඳහන්කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දිනක තමාට එරෙහිව ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ව්‍යාපාරිකයා පසුව තමාට අයත් මෝටර් රථයක් බලහත්කාරයෙන් අලෙවිකර රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගැනීමක් ගැනද එම ලිපියෙහි දක්වා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබාගෙන ඇති අතර එම ව්‍යාපාරික කටයුත්ත සාර්ථක නොවීම හේතුවෙන් ඔහු ණයකරුවෙක් වී ඇති බවයි විමර්ශනයෙන් අනාවරණය වී තිබෙන්නේ

සිය වැඩිමහල් දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විදීම ගැනද ඔහු දැඩි කලකිරීමකට ලක්ව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයව ඉන්දියාවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටියත් ණය ගැටළුව නිසා ඔහු ඒ ගැනද සිට ඇත්තේ දැඩි පීඩනයකින්.

සිය බාල දියණියට ඔහුගෙන් අනතුරක් වී නැහැ

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!