BREAKING NEWS
Search

ඉරානයෙන් තද තීරණයක්

9527

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව ඉරානය පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊයල් සමීර් පවසා ඇත්තේ, තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම්විය යුතුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වනු ඇති බවද හෙතෙම පවසා ඇත.

මේ අතර මේ දිනවල යුරෝපයේ සංචාරයක නිතරව සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ජිනීවාහි දී යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුව තිබේ.

එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කරන ඔවුන් ලෙස ඉල්ලා තිබේ.

කෙසේවෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයේ ප්‍රහාර නතර කළ පසු පමණක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට ඉරානය සූදානම් බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුත්තක් වන බව අවධාරනය කරමින් ඔහු පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවය

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!