තම සහෝදරිය මිය ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් තමාට පැවසූ බව කාන්තාවගේ සහෝදරයා පැවසු බවත් නමුත් පන්සලේ කළමනාකරු සහෝදරයා සතුව මරණ සහතිකයක් නොමැති බව පැවසු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාව ජීවතුන් අතර සිටින බව පැහැදිලි වූ පසු, බෞද්ධ ආරාමයක ප්‍රධානිතුමාගේ උපදෙස් පරිදි කාන්තාව වහාම රෝහලට ගෙන ගිය පසු වෛද්‍යවරයෙකු තහවුරු කර ඇත්තේ කාන්තාව දරුණු හයිපොග්ලිසිමියා රෝගයෙන් පෙළෙන බවයි.
එම රෝගය රුධිරයේ සීනි මට්ටම ඉතා පහත වැටෙන තත්වයක් බව විදෙස් ප්‍රාදේශීය වාර්තා පවසනවා.
තම සහෝදරිය පසුගිය වසර දෙකක කාලය තුළ එක්තැන්ව සිටි බවත්, ඇගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමත් සමඟ පසුගිය දා ඇය හුස්ම ගැනීම නතර කළ බව පෙනුන බවත් කාන්තාවගේ සහෝදරයා පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ආදාහන උත්සවය සඳහා පවුලේ අය තායිලන්තයේ ෆිට්සානුලොක් පළාතේ සිට කිලෝමීටර් 500ක් දුරටකට පැමිණ ඇත.







