BREAKING NEWS
Search

WWE සන්නාමය ලොව පුරා ගෙන යන්නට පුරෝගාමියෙකු වූ ලොවක් ආදරේ කල දැවැන්තයෙක් සදහටම නික්ම ගිහින්…

2172

ලෝක ප්‍රකට වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ WWE Hall of Fame ගෞරව සම්මානලාභියෙකු වන හල්ක් හෝගන්, (2025 ජූලි 24) දින අලුයම වයස අවුරුදු 71 දී අභාවප්‍රාප්ත වී තිබේ. ෆ්ලොරිඩාවේ, ක්ලියර්වෝටර් හි පිහිටි සිය නිවසේදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ මරණය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ටෙරී ජීන් බොලියා ලෙස උපත ලද හල්ක් හෝගන්, 1980 දශකයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව,

විශේෂයෙන්ම WWE සන්නාමය, ගෝලීය සංසිද්ධියක් බවට පත්කළ පුරෝගාමී චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ දැවැන්ත සිරුර, සුවිශේෂී උඩු රැවුල, හිස් පටිය සහ ආකර්ෂණීය පෞරුෂය හේතුවෙන් ඔහු ලොව පුරා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. ලෝක ශූරතා රැසක් දිනාගත් ඔහු, WrestleMania ඉසව් අටක ප්‍රධාන තරගකරු වූ අතර, දෙවරක්ම WWE Hall of Fame ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මල්ලවපොර ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය හෝගන්, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසකටද රංගනයෙන් දායක වෙමින් ප්‍රධාන ධාරාවේ විනෝදාස්වාදන ක්ෂේත්‍රයේද සිය සලකුණ තැබීය.

මෑතකදී, එනම් 2025 මැයි මාසයේදී, හල්ක් හෝගන් ගෙලෙහි ශල්‍යකර්මයකට භාජනය වූ අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවට සහ ඔහු කෝමා තත්ත්වයේ පසුවන බවට කටකතා පැතිර ගියේය. කෙසේ වෙතත්, ඔහුගේ බිරිඳ සහ සමීපතමයන් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින්, ඔහු සුවය ලබමින් සිටින බවත් ඔහුගේ හදවත ශක්තිමත්ව පවතින බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශයන්ගෙන් සති කිහිපයකට පසුව සිදුවූ මෙම හදිසි අභාවය, ලොව පුරා මල්ලවපොර ප්‍රජාවට සහ ඔහුගේ රසිකයින්ට මහත් කම්පනයක් ඇතිකර තිබේ.

මිය යන විට හල්ක් හෝගන්, බෲක් හෝගන් සහ නික් හෝගන් නමැති දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!