BREAKING NEWS
Search

ටිපර් රථයක ගැටී කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි

2366

අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (22) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් දරුවා හා කාන්තාව තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වූ උහන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!