BREAKING NEWS
Search

පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන තරුණයෙකු අවාසනාවන්ත ඉරණමකින් ජීවිතයෙන් සමුගනී..

9174

කඩුගන්නාව, ඌරාපොළ හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් සහ වාහන ප්‍රවාහනය කරන ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. සැප්තැම්බර් 28 වනදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව කඩුගන්නාව පොලිසිය වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ අරනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තිවංක පියතිස්ස නැමැති තරුණයෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිට ඇත. සිය යතුරුපැදියෙන් විශ්වවිද්‍යාලය දෙසට ගමන් කරමින් සිටියදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වාහන ප්‍රවාහන රථයේ ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අනතුර සම්බන්ධයෙන් වාහන ප්‍රවාහන රථයේ 24 හැවිරිදි රියදුරු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගොස් ඇති විශ්වවිද්‍යාල සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!