BREAKING NEWS
Search

සෙරප්පු දෙකවත් නැතුව පහල හිටපු මට උඩට එන්න බූට් දෙක දුන්නේ හමුදාවේ මල්ලි කෙනෙක්…

835

ඇල්ල වැල්ලවාය මාර්ගයේ පෙරේදා සිදු වුණු බිහිසුමු අනතුර ගැන බොහෝ කතා වාර්තා වෙනවා… සමහර කතා හදවත සංවේදි කරනවා .. මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ කතාවක්..

එහිදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ සිය අදහස් දැක්වූවා.

‘අපි මේ සිද්ධියේදී ‍ගොඩක් මහන්සි වුණා.

මම හෘදයාබාධයක් ඇති වුණ අයෙක්. මගේ හදවත ක්‍රියාත්මක වෙන්නේ පේස්මේකර් එකකින්. මගේ ජිවිතයටත් විශාල අනතුරක් තිබ්බා.

මේ වෙලාවේ රණවිරුවෝ පවා විශාල ආයාසයකින් තමයි එතනට ළඟා වුණේ. එතැනින් උඩට ආවේත් ඒ වගේම තමයි. පහුවදා උදේ තමයි අපි එතැන ඩ්‍රෝන ‍පින්තූර දැක්කේ. මමත් කල්පනා කළා මම කොහොමද මෙතැනින් බැස්සේ කියලා. සෙරෙප්පු දෙකක්වත් මගේ කකුල් දෙකේ තිබ්බේ නෑ.

එතැන හිටපු හමුදාවේ මල්ලි කෙනෙක් එයාගේ බූට් දෙක ගලවලා මට දුන්නා. මේ වෙලාවේ බැරිවෙලා හරි එක කඹයක් කඩලා ගියා නම් අඩුම ගානේ තව සීයක්වත් අනතුරට ලක් වෙනවා. මොකද එක කඹේක සීයක් විතර එල්ලිලා හිටියා.

ඒ කැපවීම වචනෙකින් විස්තර කරන්න බෑ. එක වෙලාවක මට ලොකු වතුර තිබහක් ආවා. වතුර දෙන්න කිව්වා. එතකොට වතුර තිබුණේ නැහැ. එතකොට මම කිව්වා බස් ‍එකේ හිටපු අයගෙ වතුර බෝතලයක් තියෙන්න ඇති ඒකේ හිරවලො බලන්න කියලා. එහෙම බලපුවාම වතුර බෝතල් දෙකක් හම්බ වුණා. ඒක අපි බ්ව්වා.

පැය භාගයක් ගියේ නෑ කූල් වතුර ගෝනියක් පුරවාගත්තු තරුණයෙක් උඩ ඉදන් පහලට බැහැලා තිබ්බා. මම කියන්නේ මේ රටේ මනුස්සකම මැරිලා නෑ. මනුස්සකම තියෙනවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!