BREAKING NEWS
Search

අගමැතිනි ලවා බොරු කියවූ නිලධාරීන්ට පියවර ගන්නවා..- වසන්ත

668

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරියට ලබා දෙන තොරතුරුවල නිවැරදිතාවය සම්බන්ධයෙන් එම නිලධාරීන් වගකිවයුතු බවද ඔහු කියා සිටියි.

අග්‍රාමාත්‍යවරියට ලබාදෙන තොරතුරු සංඛ්‍යා දේඛන නිවැරදිව ලබාදීම අදාළ නිලධාරින් වගකීමයි ද ඔහු සදහන් කලේය.

එම තොරතුරු නිවැරදි නොවීම නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවූ බවද හෙතෙම සඳහන් කළේය.

වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!