කැළුම් බණ්ඩාර
ඩේලි මිරර්
මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන් ඉවත්වීමෙන් පසුව ඒ සඳහා වැය කළ මූලික මුදල අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා සිටීම හේතුවෙන් රජය සහ එම සමාගම අතර නීතිමය ගැටුමක් නිර්මාණය විය හැකි බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ පැවැති රජය එකඟ වූ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට වත්මන් රජය එකඟ නොවීම හේතුවෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් විය.
උත්පාදනය කරන විදුලිය ඒකකයක් සඳහා ගෙවන මිල අඩු කිරීමට උත්සාහ කිරීම අදානි ග්‍රීන් එනර්ජි සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට හේතුව විය.
ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේ විදුලිය ඒකකයක් සඳහා එවකට පැවැති රජය ගෙවීමට එකඟ වූ මිල වත්මන් රජය ප්‍රතික්ෂේප කළේය.
ව්‍යපෘතිය යටතේ උතුරු පළාතේ මන්නාරම සහ පුනරින් නගරවල සුළං බලාගාර ඉදිකිරීමට නියමිතව තිබූ අතර එහි ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 442 කි.
මෙම වසරේදී මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 350 ක අවම ධාරිතාවක් ව්‍යාපෘතිය මගින් එක් කිරීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග එක්ව ව්‍යාපෘතියේ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කළ වියදම් නැවත ගෙවන ලෙස පසුගිය මැයි මාසයේදී අදානිග්‍රීන් එනර්ජි සමාගමේ බලධාරීන් ලිපියක් මාර්ගයෙන් බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබිණි.
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා ඇති ඇතැම් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මේ වනවිට නීති සහාය ඉල්ලා ඇතැයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
බලශක්ති බලපත්‍රය සඳහා ගෙවන ලද ගෙවීම ආපසු ගෙවිය නොහැකි බවට අධිකාරිය දැඩි ලෙස අවධාරණය කර ඇති බව ද ආරංචිමාර්ග පැවැසුවේය.
කෙසේ වෙතත්, නීති උපදෙස් මත පදනම්ව අනෙකුත් වියදම් ආපසු ගෙවීම සලකා බැලීමට අධිකාරිය සූදානම් බවද ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
වියදම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ දත්ත වල වෙනස්කම් තිබීම හේතුවෙන් නඩු විභාගයක් දක්වා ගැටලුව වර්ධනය වනු ඇතැයි ආරංචිමාර්ග පැවැසුවේය.







