BREAKING NEWS
Search

දශක 3කට පසුව, ෂාරුක් ඛාන්ට හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය..

1611

 

 

මේ ආරංචිය අසල්වැසි රටක ඉන්න ඔයාලා ආදරය කරන ජනප්‍රිය නළුවෙක් ගැනයි කිවුවොත් නිවැරදියි..

චිත්‍රපට කර්මාන්තයේ වසර 30කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු, බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් (SRK) හොඳම නළුවාට හිමි ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය ලබා ගෙන තිබෙනවා.

ඊයේ (23) අඟහරුවාදා, දිල්ලියේ විග්‍යාන් භවන් හිදී , ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් , ප්‍රධාන චරිතයක හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය ඔහුට පිරිනමා තිබෙනවා.

2023 සැප්තැම්බර් මාසයේදී සිනමාහල්වල තිරගත වූ ඇට්ලීගේ අධ්‍යක්ෂණය කළ ‘ජවාන්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර,
කීර්තිමත් 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ෂාරුක් ඛාන් අතිශයින් සතුටට පත් වූ බවද පෙනුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා.

අගෝස්තු මාසයේදී ජාතික චිත්‍රපට සම්මානලාභීන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස ෂාරුක් ඛාන් නම් කර තිබෙනවා.

නිවේදනයෙන් පසු, ෂාරුක් ඛාන් ඔහුගේ රසිකයින්ට, කණ්ඩායමට, පවුලේ අයට සහ සගයන්ට කෘතඥතාව පළ කර වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.

එයින් ඔහු මෙලෙස සිය රසිකයින් අමතා තිබුණා…

“ජාතික සම්මානයෙන් මට ගෞරව කිරීම ගැන ඔබට ස්තූතියි. ජූරි සභාවට, තොරතුරු හා සන්නිවේදන අමාත්‍යාංශයට ස්තූතියි. ”

hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!