BREAKING NEWS
Search

මන්ත‍්‍රි වුනාට පස්සෙ මට වාහනයක් තවත් පහසුකම් උවමනා වෙයි..! – මනුවර්ණ (Video)

222

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු තමන්ට වාහනයක් වුවමනා වනු ඇතැයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රංගන ශිල්පී ජගත් මනුවරණ මහතා සඳහන් කරයි.

දැනටද තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වාහනයක් භාවිතා කරන බවද ඔහු පෙන්වා දෙයි.

රංගන ශිල්පියෙක් ලෙස තමන් බස් රථයේ ත්‍රීවිල් වලත් ගොස් තම කටයුතු කර ගත්තද මන්ත්‍රීවරයෙක් ලෙස කාර්යබහුල වූ පසු එසේ කටයුතු කර නොහැකි වනු ඇති බවද හෙතෙම කියා සිටී.

තමන් මේ වන තෙක් නිවසක් තනාගෙන වාහනයක් මිලදීගෙන ස්ථාවරත්වයකට පත්ව නැති බවද හෙතෙම සදහන් කරයි.

දේශපාලනයට තමන් පැමිණෙන්නේ සේවයක් කිරීමට බවත් එහිදී යම් යම් පහසුකම් අවශ්‍ය වනු ඇති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජීවිතයේ සතුටු වන ආකාරය එක එක පුද්ගලයාට සාපේක්ෂ බවත් තමන් දේශපාලනයෙන් මෙන්ම කලාවෙන් සතුටු සත්තු වන බවද පැවසීය.

සිරස රූපවාහිනියේ පැවැති ‘සටන’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!