BREAKING NEWS
Search

වෙනිසියුලාවෙන් පසු ඊළඟට කියුබාව විය හැකියි

220

අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළකර තිබේ.

එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු, තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බව රුබියෝ පවසයි.

“මම හවානාහි ජීවත්වෙන ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් නම් අවම වශයෙන් ටිකක් හෝ සැලකිලිමත් වෙනවා” වෙනිසියුලාව සහ කියුබාව ගැන කලක සිට අවධානයෙන් සිටි රුබියෝ වැඩිදුරටත් පැවසීය.

අමෙරිකාවට එරෙහිව කටයුතු කළ කියුබා හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමට උත්සාහ කිරීම ඇතුළු ලතින් ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම් රැසක් පිළිබඳ දිගු ඉතිහාසයක් අමෙරිකාවට තිබේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!