BREAKING NEWS
Search

‘ ආ.. ඒක සිත්ගන්නා සුළුයි ‘ කලාතුරකින් ඉංග්‍රීසි කතා කරන පුටින් ට්‍රම්ප්ට කල ඇරයුම මෙන්න

1909

 

 

රුසියාව හා යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම සඳහා පැවැත් වූ ට්‍රම්ප් – පුටින් සාකච්ඡා ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව වුවද, යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා දක්වන උනන්දුව සම්බන්ධයෙන් තමා සතුටුවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

ලෝක නායකයන් දෙදෙනා අතර ඇලස්කාවේ පැවැති තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඔහු මේ බව පැවසීය.

යුක්‍රේන ගැටුමට මූලික හේතුන් අවසන් කිරීමට පියවර ගතයුතු බවත්, මෙම සාකච්ඡා කඩාකප්පල් කිරීමට යුක්‍රේනය සහ යුරෝපය කටයුතු නොකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සාකච්ඡාවේ දී අවසන් එකඟතාවකට නොපැමිණියද, රුසියාව සහ යුක්‍රේනය අතර අවසන් එකඟතාවක් ඇතිවනු ඇති බවට තමා විශ්වාසය පළකරන බවයි.

මේ අතර අතිශය සීමිත අවස්ථාවකදී ඉංග්‍රීසි භාෂාව ප්‍රසිද්ධියේ භාවිතා කරන පුටින්, ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොස්කව් වෙත පැමිණෙන්නැයි ආරාධනා කළේය.

ඊට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පවසා සිටියේ “ආ…, ඒක සිත්ගන්නා සුළුයි” යනුවෙනි.

මාධ්‍ය හමුවෙන් වැඩි කොටසක් රුසියානු භාෂාවෙන් කතාකළ පුටින්, මොස්කව් වෙත ආරාධනා කිරීම මෙලෙස ඉංග්‍රීසි බසින් සිදුකිරීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට දෙදෙනාම කිසිදු පිළිතුරක් නොදී පිටව ගියේය.

ada derana

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!