BREAKING NEWS
Search

රටේ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්න – නාමල් රාජපක්ෂ

619

 

රටේ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් පත් කිරීමට, මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙසයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ ඉදිරි පෙළ සිටින මන්ත්‍රීවරයකුට එරෙහිව ඇති නඩුවක නඩුකාර විනිසුරුවරුන්ව මාරු කිරීමට කටයුතු කර ඇති බවද, එය රටම දන්නා කාරණයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

පොලිසිය දේශපාලනීකරණය කිරීමට කටයුතු කළ බවත්, හමුදාව දේශපාලනීකරණය කිරීමටද උත්සාහ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!