මෑතකදී සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් පත්‍රිකාවක දැක්වෙන පරිදි, මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් අය කරන බදුවල, අඩු අගයක් දක්නට ලැබෙන බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසනවා.
අදාළ වැටුප් පත්‍රිකාවේ දැක්වෙන පරිදි, එම මන්ත්‍රීවරයාගේ සමස්ත වැටුප රු.322,713 ක් වන අතර, බදු නිදහස් සීමාව ඉවත් කළ විට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රු.20,000 කට වැඩි බද්දක් ගෙවිය යුතු වුවද, ඔහුගෙන් අයකර ඇත්තේ රු.3,728 ක ආදායම් බද්දක් පමණක් බවයි “එසැණ” සමඟ අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ.
රජයේ සේවයේ හෝ පුද්ගලික අංශයේ බදු ගෙවන සේවකයන්ගෙන් මීට වඩා වැඩි බදු මුදලක් අයකර ගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දුන්නා.
කෙසේනමුත් අඩු බදු මුදලක් අය කළද, වසර අවසානයේ බදු ගණනය කිරීමේදී එලෙස ගණනය කරන ලද බදුවලින් APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) ලෙස කපා ගන්නා ලද බදු ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ඇති බවත්, APIT හරහා අඩු බදු ප්‍රමාණයක් අය කරගෙන ඇත්නම්, ඉතිරි බදු මුදල වසර අවසානයේ ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ වැටුප් පත්‍රිකාව පහතින්.








