BREAKING NEWS
Search

ඇමරිකාව ජාත්‍යන්තර නීතියට පයින් ගසයි! – ගුටරෙස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

1159

 

වෙනිසියුලාවේ ක්‍රියාත්මක වූ එක්සත් ජනපද හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. වෙනිසියුලාවේ පවතින අභ්‍යන්තර තත්ත්වය කුමක් වුවද, ඇමරිකාව විසින් සිදු කරන ලද මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතියට පටහැනි බවත්, එය අනාගතයට භයානක පූර්වාදර්ශයක් සපයන බවත් මහලේකම්වරයා අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිරීතිවලට සියලු පාර්ශවයන් පූර්ණ ලෙස ගරු කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

මේ අතර, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙනිසියුලාවෙන් ද ඉල්ලා සිටී. ඇමරිකාවේ මෙම හමුදා මැදිහත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියාවේ සහ චීනයේ සහාය ඇතිව කොලොම්බියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද කැඳවා ඇති අතර, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ඇමරිකාව ගත් මෙම ක්‍රියාමාර්ගය ලෝක දේශපාලනය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!