BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලි ජංජාලයක්.. මහ රෑ සිද්ධවුණු දේ මෙන්න.

1286
මෙවැනි සිදුවීම් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම  මේ වන විට සුලබ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මේ කියන්න යන කතාවත් වන අලි සම්බන්ධව අන්න එවැනිම සිද්ධියක් ගැනයි. 

දක්ෂිණ අධිවේගී හම්බන්තොට මත්තල මාර්ගයට ඊයේ රාත්‍රී පැමිණි වන අලියකු පළවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයින් කටයුතු කළා.

රාත්‍රී එකොළහට පමණ ඊ 6 මාර්ගය කිලෝ මිටර් 1 දශම නමය කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ තිබුණා.

අලියා විදුලි වැට කඩාගෙන කිලෝමීටර් තුනක් පමණ අධිවේගී මාර්ගයේ දිගටම ගමන් කර තිබූ බවද වාර්තා වෙනවා.

අලි වෙඩි දමා අලියා පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදුනු බව සඳහන්.

එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *