BREAKING NEWS
Search

බස් දෙකක් ගැටී තවත් බිහිසුණු අනතුරක්..! 22කට තුවාල – රියදුරුට දිවි අහිමි වෙයි

16608

 

 

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ චාරිකාවක් සඳහා යමින් තිබූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස පෞද්ගලික බස් රථයක ගැටී ඇති බවය.

අනතුරෙන් මියගිය රියදුරා දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!