BREAKING NEWS
Search

අනුර මැද මුලනට ගිහින් මහින්දට වැඳ සමාව ගත යුතුයි – උදය ගම්මංපිල

1316

 

අනුර කුමාර ජනපතිවරයා මැදමුලනට ගොස් මහින්ද රාජපක්ෂට වැඳ සමාව ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ‘මහජන හඬ’ නමින් අද (21) නුගේගොඩදී පැවති විපක්ෂයේ විරෝධතා රැලියට සහභාගී වෙමින් කීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, නුගේගොඩ රැලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට පවත්වන්නක් බවට ජනාධිපතිවරයා ඊයේ තංගල්ලේදී කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළේය. රැලියේදී කිසිදු අයෙකු මත්ද්‍රව්‍යවලට පක්ෂව අදහස් නොදැක්වූ බවත්, ආණ්ඩුව විරෝධතා හමුවේ බියට පත්ව ඇති සෑම අවස්ථාවකදීම විපක්ෂය මත්ද්‍රව්‍යවලට හිතවත් බවට චෝදනා කිරීම පුරුද්දක් කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

 

ජනාධිපතිවරයා පසුගිය මාස දාහතරක කාලය පුරා අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බවත්, ජනතාව දැන් එම බොරු පිළිබඳව මැනවින් වටහාගෙන සිටින බැවින් ආණ්ඩුවේ චෝදනා බරපතල ලෙස නොසලකන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා වහාම මැදමුලනට ගොස් මහින්ද රාජපක්ෂ මහතාට වැඳ සමාව ගත යුතු බවත්, එපමණක් නොව තමන් සිදු කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සමස්ත රටේ ජනතාවගෙන්ද සමාව ඉල්ලා සිටිය යුතු බවත් උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
ඔහුගේ ප්‍රකාශය පහත පරිදිය.

“ජනාධිපතිතුමා ඊයේ තංගල්ලේදී කිව්වා නුගේගොඩ රැස්වීම තියන්නේ කුඩු කාරයෝ රකින්න කියලා. මොකක්ද මේ විහිළු කතාව? නුගේගොඩ වේදිකාවේ කවුරුහරි කුඩු වලට පක්ෂව කතා කළාද? ආණ්ඩුවට විරුද්ධව කරන හැම විරෝධතාවයකදීම විපක්ෂය කුඩු වලට පක්ෂපාතී බව කියමින් චෝදනා කරන්න මේ ආණ්ඩුව ඔච්චර බය ඇයි? ජනතාව දැන් මේ චෝදනා ගණන් ගන්නේ නැහැ.

ජනාධිපතිවරයා කියපු බොරු කන්දරාව ගැන ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා ජනතාව දැන් ඉන්නේ මේ ආණ්ඩුවට එරෙහිවයි. ජනාධිපතිවරයා කියපු බොරු ප්‍රමාණය බොහොමයි. එතුමා මාස දාහතරක් බොරු කිව්වා. අපි එතුමාට තව මාස දාහතරක් දෙන්නම්. අපි ජනාධිපතිතුමාට කියනවා මැදමුලනට ගිහින්, මහින්ද රාජපක්ෂ මහතාට වැඳලා, මේ කියපු බොරු කන්දරාවට සමාව ඉල්ලන්න කියලා. ඒ වගේම, මේ අසත්‍ය ප්‍රකාශ වෙනුවෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන්න කියලත් අපි ජනාධිපතිතුමාට කියනවා.”

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!