BREAKING NEWS
Search

අනුරාධ ජයරත්න අනවසරෙන් සිටි පර්චස් 129ක ඉඩමකින් ඉවතට..!

2956

ගම්පොළ නගර මධ්‍යයේ රජයට අයත් පර්චස් 129ක ඉඩමක සහ එහි වූ ගොඩනැගිලි තුනක අනවසරයෙන් රැඳී සිටි බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගම්පොළ දිසා අධිකරණය නියෝග කර තිබේ. මෙම නියෝගය ඉකුත් සැප්තැම්බර් 27 වන දින ගම්පොළ දිසා විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා විසින් ලබා දී ඇත.

 

මෙම ඉඩම සහ ගොඩනැගිලි 2001 වසරේ සිටම අනවසර භුක්තියට නතුව තිබූ අතර, එහි රජයේ වියදමින් ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානයක් ද අයත් වේ.

අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් එම ස්ථානයට ගිය විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි නොසිටි අතර, ඒ වෙනුවට ‘ගම්පොළ ජාතික උරුමය’ නම් සංවිධානයක් සමඟ බදු ගිවිසුමකට එළඹ එම ස්ථානය ව්‍යාපාරික කටයුත්තක් සඳහා භාවිත කළ පුද්ගලයෙකු එහි සිට තිබේ.

2017 වසරේදී ඇතිකරගත් එම ගිවිසුම අනුව, අදාළ සංවිධානය විසින් මාසිකව රුපියල් 40,000ක කුලියක් අය කරගෙන ඇති අතර, මේ වන විට එම ආදායම රුපියල් ලක්ෂ 40කට ආසන්න වේ. කෙසේ වෙතත්, මෙම මුදල් රජයට ලැබී නැත.

2001 සිට 2023 දක්වා උඩපළාත ප්‍රාදේශීය ලේකම් ධුරය දැරූ නිලධාරීන් පොදු දේපළ අවභාවිතයට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන මෙම අපහරණයට ආධාර අනුබල ලබා දී ඇති බවද වාර්තා වේ. මෙම නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉහළ පරිපාලන තනතුරු දරන බව සඳහන් වේ.

අදාළ රාජකාරී වගකීම ඉටු කරමින්, අංගම්මන බටහිර ග්‍රාම නිලධාරිවරයා විසින් මෙම ඉඩමේ සහ ගොඩනැගිලිවල හිමිකම රජයට භාරගෙන ඇත.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!