BREAKING NEWS
Search

එළියට ඇපල්..! ඇතුළට පැපොල්..! හැමෝම ලස්සනයි ලස්සනයි කියලා මැරෙන්න හදන නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ඇතුළෙ හැටි දක්කද? අයියෝ සල්ලි!

966

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී එහි වහලයේ ඇති අබලං තත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම වැසි ජලයෙන් තෙමී යාමේ අවදානම් තත්ත්වයක් උදාවී ඇත ,Sri Lanka Latest News

මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් සේවකයන් මෙන්ම නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ද දැඩි ලෙස අපහසුතාවයට පත්වන ආකාරයක්ද අවධානයට ලක් විය ,

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ තැපැල් වෘත්තිය සමිති දියත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන කාල වකවානුවේ කතාබහට ලක් වූ සහ තැපෑල බේරගැනීමට අවශ්‍ය බව පවසා වර්තමාන රජය එවකට විපක්ෂයේ සිට වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පවත්වා නුවරඑළියේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ පෞද්ගලික ආයතනයකට විකිණීමට විරුද්ධව දැවැන්ත විරුද්ධතාවයක් දිගින් දිගටම සිදු කිරීමෙන් අනතුරුව නව රජයේ මාරුවීමත් සමඟ එම යෝජනාව නැවත හරවා ගැනීමට කටයුතු කරනුලැබීය ,

එය එසේ වූ නමුත් මේ වන විටත් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ ඇති අඩුපාඩු සැකසීමට වත්මන් රජයේ තැපැල් දෙපාර්තමේන්තුව තවමත් කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණකි ,

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය අවට පරිසරය නුවරඑළිය මහ නගර සභාව සමග එක්ව අලංකාර කිරීමට නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිතුමිගේ යෝජනාව මත කටයුතු කරනු ලැබීමත් සතුටට කරුණක් නමුත් ගොඩනැගිල්ලේ ඇති අඩුපාඩු සකසා දීමට රජය කටයුතු නොකිරීම තුළින් ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අගාධයටය යමින් පවතින බව නුවර එළිය රැක ගැනීම වෙනුවෙන් වූ සංවිධාන චෝදනා කරයි ,

තවද මෙලෙස ක්‍රම ක්‍රමයෙන් අගාධයට යන්න හැරලානැවතත් පෞද්ගලික ආයතනයකට පැවරීමට උත්සාහයක් සිදුකරනවාද යන වග සැකයක් පවතින බවද ඔවුන් චෝදනා නගති ,

එම සංවිධානය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් නුවරඑළිය රෝස තැපෑල ගොඩනැගිල්ලේ වහලයේ සහ ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන අඩුපාඩු කඩිනමින් සැකසීමට අවශ්‍ය සැලසුමක් සකස් කර දෙන ලෙසයි.

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!