වර්තමානයේ දී විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී යම් අර්බුදකාරී තත්වයක් මතු වී තිබෙනවා .ජනතාවට යම් අවස්ථාවන්වල දීර්ඝ පෝලිම්වල රැදී සිටිමින් තම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිදු වුණා .
කොහොම වුණත් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාස හතරකට අධික කාලයක් ගත වීමත් නිසා මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට සාකච්ඡාවක් පවත්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා.
ඒ සාකච්ඡාවට විදේශ රටවල සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරු රැසක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සහභාගිවෙලා තියෙනවා .
කොහොම වුණත් මේ සාකච්ඡාවන් වලදී ඔවුන් පෙන්වා දීලා තියෙන්නේ ඉදිරියේ දී ගමන් බලපත්‍ර අලුත් කිරීම සහ නිකුත් කිරීම ඉක්මන් කිරීමට හැකිවනු ඇති බවයි.
දැනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම යටිතල පහසුකම් වර්ධනය කිරීම, ගමන් බලපත්‍ර නිරවද්‍යතාව සහ වේගවත්ව නිකුත් කිරීම සඳහා නව ක්‍රමෝපායන් හඳුනාගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරලා තියෙනවා .
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසු සේවාවක් සැපයීම අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව වී තිබෙන බවත් කියැවේ.
Source – Hiru Gossip







