BREAKING NEWS
Search

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ අලෙවිකළ යුද හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

2807

 

 

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්තට’ ටී – 56 උණ්ඩ අලෙවි කළ ලුතිනන් කර්නල්වරයෙකු  (11) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මල්ලාවි පාලෙයිනගර් යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටිය දී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ටී -56 උණ්ඩ 260ක ප්‍රමාණයක් උණ්ඩ 200ක් සහ 60ක් ලෙස අවස්ථා දෙකක දී මෙලෙස ලබා දී ඇති අතර, ඒ සඳහා සැකකරු ලක්ෂ 6.5ක මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

සැකකාර ලුතිනන් කර්නල්වරයා 2017 වසරේ දී ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ සේවය කර ඇති අතර, එහිදී කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඔහු යටතේ සේවය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම ලුතිනන් කර්නල්වරයා විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් එම රෙජිමේන්තුවෙන් ඉවත් කර, පාබල හමුදාවේ සේවය සඳහා අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!