BREAKING NEWS
Search

මහින්ද කොළඹට සමුදෙද්දී නාමල්ගේ වෙඩිමටත් නඩු දමයි…

13755

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජනතාව සතු මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් නීතිඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට (11) දින අවසර ලැබුනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිත කළ විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබූ රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් නියමිත කාලයට නොගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා කරුණු දක්වමින් මෙම විදුලි ගාස්තු ගෙවීම ප්‍රමාද වීම ගැන අධිකරණය දැනුවත් කලේය.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!