BREAKING NEWS
Search

කෙටි දුර ධාවන පථය කැළඹූ ආසියාවේ කළු වෙළඹ, ලක් මාතාවගේ ගෙළ පැළඳි අභිමානයට වසර 25ක්..

469

 

 

මතකද ඒ සිදුවීම..? සුසන්තිකා ජයසිංහ, ලංකාවේම හුස්ම මොහොතකට නතර කරන්න ඇයට එක දවසකදී පුළුවන් වුණා.

ඒ මීට වසර 25කට ඉහතදීයි.

මේ කියන්න යන්නේ මීට දින කිහිපයකට පෙර පැවැත්වුණු ඒ විශේෂ උත්සවය ගැන තතුයි.

ආසියාවේ කළු වෙළඹ යන අන්වර්ත නාමයෙන් එදා කවුරුත් හඳුනවාදුන් ඇය ඒ ජයග්‍රහණය හිමිකරගෙන වසර 25ක් ගතවෙන ඒ මොහොතේ, ලාංකිකයන්ට වැදගත් වුණු ඒ අමරණීය මොහොත නැවතත් ස්මරණය කළ සුන්දර නිමේෂයක් ගැනයි මේ කතාවක්. 2000 වසරේ සැප්තැම්බර් 28 ඇය නැවතත් වසර 25කට පසු ඒ ඓතිහාසික මොහොත සමරනවා. ඒ ඕස්ට්‍රේලියාව ලාංකික ප්‍රජාවත් සමගයි.

කෙටි දුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ආසියානු කාන්තාව වන ඇය, මව්බිම වෙනුවෙන් දිනාදුන් ඔලිම්පික් පදක්කමේ රිදී ජුබිලිය විදෙස් රටකදී සමරද්දී, සුසන්තිකා වෙත එදා වගේම රසිකයින්ගෙන් ලැබුණේ විශාල ආදරයක්. මෙල්බර්න් ප්‍රජාවගේ සභාගීත්වයෙන් ඇයට මෙම උත්සවය සංවිධානය වූ අතර, ශ්‍රී ලංකාවට ඇගේ මේ ජයග්‍රහණය අමතක වුණාද? කෙසේ හෝ ඇගේ හිතේ මේ දවස ගැන බලාපොරොත්තු රැසක් පවතින්න ඇති.

ඒ ලංකාව වෙනුවෙන් මෙවන් ජයග්‍රහණයක් හිමිකර දුන් ඇය වෙනුවෙන් කිසියම් උත්සවයක් සංවිදානය වේවි කියා සුසන්තිකා සිතන්නට ඇති.

මේ කතා කොහොම වුණත්, අවුරුදු 129ක ඔලිම්පික් ඉතිහාසයේ දිනාගන්න බැරුවූ පදක්කමක් තමයි සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී සුසන්තිකාගෙ ගෙලේ පැළඳෙන්නේ.

එදා ඒ පැළඳි පදක්කමට වටිනාකමක් එක්කරමින් සහ ක්‍රීඩාවේ මතුයම් අනාගතය වෙනුවෙන් අදටත්, හෙටටත්, මතුවටත් සුසන්තිකාගේ දායකත්වය තම උපන් මව්බිම වෙනුවෙන් ලබා දෙන්නට තරම් ඇය නිර්ලෝභී කාන්තාවක් වනු ඇතැයි සැමදෙනාගේම විශ්වාසයයි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!