BREAKING NEWS
Search

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට..

4579

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

මෙම සිදුවීම ඊයේ (02) දින රාත්‍රියේ වත්තල පොලිස් වසමේ, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

අදාළ මෙහෙණි ආරාමයේ කඨින චීවර පූජා පිංකම පැවැත්වෙන අවස්ථාවේදී මෙම පුද්ගලයන් දෙදෙනා බීමතින් පැමිණ මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

 

 

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනා ඊයේ (02) රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 58 සහ 67 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.
වීඩියෝවේ තොරතුරු අනුව එක් පුද්ගලයෙකුගේ නම ඔගස්ටින්ය.ඔහු පුළුවන්නම් පොලිසියට මාව අල්ලල දීපල්ලා යයි තර්ජනය කරන අයුරු වීඩියෝවේ දැක්වෙන අතර එලෙසම ඔහුව පොලිසියට අල්ලා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (03) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!