BREAKING NEWS
Search

17 වසරකට පසු ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවතට…

121

 

 

වර්ෂාව හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී (17) පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර ගැටුම අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
මෙම තීරණයත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් බෙදා දීමට පියවර ගත් අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් කිරීමට ප්‍රබල හේතුවක් විය.

සමලකුණු ලැබීමත් සමඟ සිම්බාබ්වේ පිල ප්‍රසාද ලකුණු 5ක් ද, අයර්ලන්තය ලකුණු 3ක් ද හිමිකර ගත්තේය.

මෙතෙක් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටි ඔස්ට්‍රේලියාවට, මේ අනුව පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවිය. මෙය වසර 17කට පසු ඔවුන් මුහුණ දුන් අමිහිරිම අත්දැකීමයි.

මේ වන විට ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ මුල් ස්ථානය රැකගෙන සිටියි.

මෙම අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මීළඟ වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථා අහිමි වී ගියේය.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!