BREAKING NEWS
Search

මෙවර නිදහස් උත්සවය අඩු වියදමකින්..!

316

77 වැනි ජාතික නිදහස් දින උත්සවය රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබිණි.

මෙවර නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු ශ්‍රවණාගාරයේ 2024.12.30 දින පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වමින්.

මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය චන්දන අබයරත්න මහතා මෙහිදී කියා සිටියේය.

මෙවර නිදහස් උත්සවය සඳහා 1600 ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්ත යන මහත්වරුන් මෙන්ම ගුවන් හමුදාපති සහ ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

කසුන් විරතුංග




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!