BREAKING NEWS
Search

කෙහෙළියගේ ලොකු දුවට ඇප

219

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ දියණීය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරින්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතාට නියම කළේය.

මෙසේ ඇප නියම වූයේ චමිත‍්‍රී ජයනිකා රඹුක්වැල්ල නමැත්තියකි. සැකකාරියට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියමින් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්තඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි මැණීක් ව්‍යාපාරිකයකු බව කියන සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල රිමාන්ඞ් බාරයට පත් කර ඇත.

Lankadeepa (රෝෂාන් තුෂාර) (ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!