BREAKING NEWS
Search

බංග්ලාදේශෙ නේපාලෙ වගෙ නෙමේ මං තමයි හරියටම අරගලය මර්දනය කරේ – රනිල්

71

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින් රචනා කරන ලද “අරගලයේ බලය – ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” නමැති කෘතිය ජනගත කිරීමේ උත්සවය ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ මේ වනවිට ඉන්දීය සංචාරයක නිරත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු ඊයේ උත්සවයේදී පසුගිය සමයේ රට තුළ ක්‍රියාත්මක වූ අරගලය සහ ඉන් අනතුරුව ඇති වූ දේශපාලන වර්ධනයන් පිළිබඳව සිය අදහස් දැක්වීම සිදු කළේය.

 

රටේ උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට තමන් ප්‍රමුඛ රජය ක්‍රියා කළ ආකාරය හිටපු ජනාධිපතිවරයා එහිදී විස්තර කළේය.

 

බංග්ලාදේශයේ විරෝධතා මැඩපැවැත්වීම සඳහා රජයට වෙඩි තැබීමට සිදු වූ බවත්, නේපාලයේ සමාජ මාධ්‍ය පාලනය කිරීම හරහා අර්බුද නිර්මාණය වූ බවත් පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව ඊට වඩා උග්‍ර අභියෝගයකට මුහුණ දුන් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ එම ගැටලු කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව අවධාරණය කළේය.

අරගලය මර්දනය කළ බවට බීබීසී සහ අල්ජසීරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා, එම මර්දනය කෙතරම් සාර්ථක වී දැයි කිවහොත් තමන්ට මීළඟ ජනාධිපතිවරණයෙන් පරාජය වීමට පවා සිදු වූ බව උපහාසාත්මකව ප්‍රකාශ කළේය. මැතිවරණයෙන් පරාජය වීමට තරම් සාර්ථක මර්දනයක් ලෝකයේ වෙනත් කිසිදු රටක සිදු වී ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

“අපි ඔක්කෝම ක්‍රියාත්මක කරපු නිසා අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. බංග්ලාදේශයේත් ප්‍රශ්නයක් ඇති වුණා. එතැන පාරට බැස්සා අන්තිමට ආණ්ඩුවට වෙඩි තියන්න වුණා. අපිට තරම් උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි. නේපාලයේ බලන්න සමාජමාධ්‍ය පාලනය කිරීම ගැන. එතැනින් ඇති වුණේ ප්‍රශ්නය. මේවා නෙමෙයි අපිට තිබුණේ ඊට වඩා උග්‍ර ප්‍රශ්න. කෙසේ හෝ ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ආරක්ෂා කරන්න අපි ක්‍රියා කළා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. අරගලය මර්දනය කරා කියලා බීබීසියෙන්, අල්ජසීරා එකෙන් හැමතැනින්ම කිව්වා. කොච්චර මර්දනය කරාද කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මම පැරදුනා. ඒවාගේ සාර්ථක මර්දනය කිරීමක් මම හිතන්නේ නෑ ලෝකයේ කොහේවත් ඇති වුණා කියලා. අපි යන මාර්ගය අපි හදාගන්න ඕනේ.”

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *