හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා (21) දිනයේ ශ්‍රි ලංකාවට පැමිණීමට ගුවන් බලපත්‍ර වෙන්කර පසුව ඒවා අවලංගු කිරිමට කටයුතු කර තිබෙන බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි අද අනාවරණය වුණා.
ඒ අයතා ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිම සම්බන්ධ නඩුව කැඳවු අවස්ථාවේදි.
මෙම නඩුවේ වඟඋත්තරකරුවන් වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පති ඇගේ සැමියා වන තිස්ස ගලප්පත්ති හා මුදිත ජයකොඩි යි.
නඩුව කැඳවු අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පති අධිකරණයේ පෙනි නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණයේ පෙනිසිටියා.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා කිහිපයක් ඇතුලත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කලා.
එම වෛද්‍ය වාර්තා අධ්‍යනය කල නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි නීතිඥ ලක්මිණි ගිරිහාගම සැකකරුගේ රෝගී තත්ව පිළිබඳ වෛද්‍ය වාර්තාවල පරස්පර කිහිපයක් පෙන්වා දුන්නා.
නීතිඥ ලක්මිණි ගිරිහාගම,
ස්වාමීනි, මේ නඩුවේ තුන් වන සැකකාර බැසිල් රාජපක්ෂ මෙම නඩු කටයුත්තට අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැබරි 18 වැනිදා.ඒ කියන්නේ ස්වාමීනි මේ සැකකරු මේ නඩු කටයුත්තට දැන් අවුරුද්දකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී ඉදලා නෑ.ඔහු නොමැති නිසා මේ නඩු කටයුත්ත කල් යනවා. පසුගිය නඩුවාරයේ පූර්වගාමී විනිසුරුවරයා සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතූ කරන්න කියලා.
Trending
ඩයස්පෝරා ඩොලර් අවශ්‍ය නම් බලය බෙදීමට අවශ්‍ය බව TNA ජනපතිට කියයි
එදින නඩු වාරයේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සැකකරු හදිසියේ පුටුවකින් ඇද වැටී අනතුරකට ලක් වී ඔහුගේ හිසෙහි සහ බෙල්ලේ.ස්නායු ආබාධයකට ලක් වෙලා ඉන්නවා කියලා ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එදින ඉදිරිපත් කළ එක්ස් -රේ වාර්තාවල සැකකරුගේ අස්ථි භග්නයක්සිදු වී නැති බව පැහැදිලියි.
එදා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා අද දින අධිකරණයට සැකකරු එනවා කියලා ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.ස්වාමීනි මේ සැකකරු පුටුවෙන් වැටී හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයකට ලක් වෙලා ඉන්නවා කියලා
වෛද්‍ය වාර්තා නිකුත් කර තිබ්බේ ජෝර්ජ් චිඩී නම් වෛද්‍යවරයෙක්.අද දින එම වෛද්‍යවරයාගේ ලිපි ශීර්ෂයෙන්ම සැකකරු ලෙෆ්ට් සයිඩ් සයාටිකා හෙවත් වම් පස හිරි වැටීමේ රෝගයකින් පෙළෙන බවට කරුණු දක්වා තිබෙනවා.
මෙම වෛද්‍ය වාර්තා එකම වෛද්‍යවරයෙක් නිකුත් කළ වෛද්‍ය වාර්තා.නමුත් ස්වාමීනි මෙම වෛද්‍ය වාර්තාවන්හි ලිපි ශීර්ෂ බැලූ බැල්මට වෙනස්.ඒ වගේම ජෝර්ජ් චිඩී නම් මෙම වෛද්‍යවරයා සෑම වාර්තාවකම සැකකරුගේ රෝග ලක්ෂණ ගැන පමණක් දක්වමින් ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ සැකකරුට ගුවන්ගමන්යාමට නුසුදුසු බවට වෛද්‍යවරයා නිර්දේශකර තිබියදි සැකකරු අද දිනියේ ලංකාවට පැමිණිමට ටිකට් වෙන්කරගෙන පසුව එම ටිකට් අවලංගු කරගෙන ඇති බවයි.
ස්වාමිනි මේ වෛද්‍යවරයා 2025 සැප්තැම්බර් 14වනදා සැකකරුගේ රෝගි තත්වය හේතුවෙන් ගුවන්ගමන් යාම නුසුදුසු බව නිර්දේශ කරලා තියෙනවා.නමුත් එසේ තිබියදි සැකකරු සැප්තැම්බර් මස 25වනදා ගුවන් සමාගමකට ඊමේල් පණිවිඩ යවා තියෙනවා නොවැම්බර් මස 18-21 අතර කාලය තුල ගුවන් ගමනකින් ලංකාවට පැමිණෙන්න ගුවන් ටිකට් වෙන්කරව ගන්න.නමුත් පසුව සැකකරු ඔක්තෝම්බර් මාසයේ ඒවා අවලංගු කරගෙන තියනවා.
ඒවගේම ස්වාමිනි ගුවන් සමාගම මඟින් සැකකරුට යොමුකර තිබෙන ගුවන් ගමන යෙදිමේ ශක්‍යතාව ඇතිදැයි පරික්ෂා කිරිමේ පෝමරයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයන් සාමාන්‍ය පරිදි ගුවන්ගමනක යෙදිය හැකි බව.ගුවන් යානය තුල විෂේශ පුටුවක් ඇදක් හෝ ඔක්සිජන් සැපයිමක් අවශ්‍ය නැති බවට ඔහු එම පෝමරයේ කරුණු දක්වා තිබෙනවා. යනුවෙන් නියෝජ සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයේ කියා සිටියා.
නියෝජ සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සලකා බලා සැකකරුගේ රෝගි තත්වය පිලිබඳව අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පිලිගත නොහැකි බැවින් ඒ සම්බන්ධව නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් චතුර දිසානායක සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන්ට නියෝග කලේ ඉදිරි නඩු දිනය වන විට බැසිල් රාජපක්ෂගේ රෝගි තත්වය පිලිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එසේ ඉදිරිපත් නොකරන්නේ නම් සැකකරු වෙනුවෙන් අධිකරණයේ තබා ඇති ඇප මුදල් රාජ සන්තක නොකරිමට හේතු දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඊට අමතරව බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුගේ ඇපකරුවන්ට නියෝග කල මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන වසරේ මැයි 22 කැඳවන ලෙස දින නියම කළා.








