BREAKING NEWS
Search

Beauty Filter එක අක්‍රීය වෙයි… රසිකයින් රැවටූ සමාජ මාධ්‍ය තාරකාවකට ලක්ෂයකට අධික අනුගාමිකයින් එකවර අහිමි වෙයි..

22

 

 

ඇය මේ තරම් කාලයක් ඇයගේ අනුගාමිකයින්ට කළේ රැවටීමක්ද..?

මේ කියන්න යන්නේ සුපිරි සමාජ මාධ්‍ය තාරකාවකට ලක්ෂයකට අධික අනුගාමිකයින් අහිමිවූ සිදුවීමක් ගැන ඇසෙන එක කතාවක්.

චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන “Qiao Biluo”සජීවී විකාශනයක් (Live Stream) අතරතුර මුහුණ දුන් අකරතැබ්බයක් හේතුවෙන් ඇයගේ අනුගාමිකයින් 140,000කට අධික පිරිසක් ඇයව හැරගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම චීනයේ පමණක් නොව මුළු ලොව පුරාම ඩිජිටල් රූපලාවන්‍ය ප්‍රමිතීන් පිළිබඳ විශාල සංවාදයක් ඇති කිරීමට සමත්වී තිබෙනවා.

තමන් තරුණ, රූමත් යුවතියක ලෙස පෙනී සිටිමින් ඇය සිය අනුගාමිකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීම සාමාන්‍ය දෙයක්. කෙසේ වෙතත්, පසුගියදා පැවැත්වූ සජීවී වැඩසටහනක් අතරතුර ඇය භාවිතා කළ “Beauty Filter” මෘදුකාංගය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේම අක්‍රීය වී තිබුණා.

එම අවස්ථාවේදී ඇයගේ සැබෑ ස්වරූපය ප්‍රේක්ෂකයින්ට දිස්වූ අතර, ඇය ඔවුන් සිතා සිටි තරුණිය නොව මැදිවියේ කාන්තාවක් බව හෙළිවුණා.

මේ සිද්ධියෙන් පසු බොහෝ දෙනා ඇයව හඳුන්වනු ලැබුවේ “වංචාකාරියක්” ලෙසයි. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසු ඇයට ලැබෙමින් පැවති විවිධ තෑගි සහ මුදල් ආධාර (Donations) නතර වි ඇති බවයි දැනගන්න ලැබෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!