BREAKING NEWS
Search

භාරත ගී තරුව ටිල්වින් හමුවෙයි

179

 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ සිදු විය.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක් ව සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson) විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්ත (Ankuran Dutta) මහතා, “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයකටද අනුරාධා පෞද්වාල් මහත්මිය සහභාගී වීමට නියමිතය

Lankadeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!