BREAKING NEWS
Search

පොත්බෑග් පාර පුරා – ජොහැනස්බර්ග් නගරයේදි ලොවක් දෙවනත් කල මහා රිය අනතුර.

14868

සුපුරුදු පරිදි හිනා වෙවී පාසල් යන්නට නිවසින් පිටත් වූ අහිංසක දරුවන් 13 දෙනෙකුට තමන්ගේ පාසලට යන්නට වාසනාව ලැබුණේ නැහැ.

ජොහැනස්බර්ග් නගරය ආසන්නයේදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් මේ මල්වන් ජීවිත අපෙන් සමුගෙන තිබෙනවා.

ඊයේ පෙරවරු 7 ට පමණ ප්‍රාථමික හා උසස් පාසල් කිහිපයක දරුවන් රැගත් කුඩා බස් රථයක් ට්‍රක් රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා. පොලිසිය සැක කරන්නේ තවත් වාහනයක් පසුකර යාමට (Overtake) දැරූ අමනෝඥ උත්සාහයක් නිසා මේ විනාශය සිදු වූ බවයි.

පාර පුරා විසිරී තිබුණු පාසල් බෑග්, පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය අතර තම දරුවාගේ සිරුර සොයමින් මව්පියන් පාලනය කරගත නොහැකි ලෙස හඬා වැලපෙන අයුරු දැකගත හැකි වුණා.

11 දෙනෙක් එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා තිබුණා. තවත් දෙදෙනෙක් රෝහලේදී මියගොස් තිබෙනවා.බස් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා මේ සම්බන්ධයෙන් දැඩි කම්පනය පළ කර තිබෙනවා. “අපේ දරුවන් ජාතියේ වටිනාම සම්පතයි” යැයි පැවසූ ඔහු, පීඩාවට පත් පවුල්වලට වහාම මනෝවිද්‍යාත්මක සහය ලබා දෙන ලෙස නිලධාරීන්ට අණ කර තිබෙනවා.

එරට ප්‍රවාහන අමාත්‍යවරිය පවසන්නේ දකුණු අප්‍රිකාවේ මාර්ග අනතුරු දැන් “ජාතික ලැජ්ජාවක්” මට්ටමට පැමිණ ඇති බවයි. 2025 වසරේ පමණක් එරට මාර්ග අනතුරුවලින් 11,418 ක් මියගොස් ඇති අතර, එය දිනකට මරණ 31 ක සාමාන්‍යයක්.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!