තායිලන්තය සහ කාම්බෝජ හමුදා අතර ඔවුන්ගේ දේශසීමාවේ මතභේදාත්මක කොටසක ගැටුම් ඇති කරගෙන තිබේ.
අද (24) උදෑසන සිට හටගත් මෙම ගැටුම් තවමත් පවතින අතර එයින් තායිලන්තයේ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
මෙ අතර පළමුවෙන් වෙඩි තැබීම් සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, තායි හමුදා පළමු වෙඩි තැබීමෙන් පසු තම සොල්දාදුවන් ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දක්වන බව කාම්බෝජයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය
ada derana







