BREAKING NEWS
Search

බොක්සිං තරුව ඇන්තනි ජෝෂුවා 99න් බේරෙයි ! මිතුරන් දෙදෙනාම මියයයි ! ලොවක් කැළඹු පුවතේ නොඇසූ කතාවක් මෙන්න

1085

ඊයේ බ්‍රිතාන්‍යය මාධ්‍ය සියල්ලකම පාහේ ප්‍රධාන පුවත උනේ බ්‍රිතාන්‍යයේ හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු මෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභියෙකුද වන ඇන්තනි ජෝෂුවා නයිජීරියාවේදී රිය අනතුරකට ලක්වීම. ඔහු නයිජීරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අධිවේගී මාර්ගයකදී ඔහු ගමන් කල සුඛොපභෝගෟ මෝටර් රථය නවතා තිබූ ලොරි රථයක වැදීමෙන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තිබුනේ. වාසනාවකට සිදුවූ අනතුරින් ලෝක ශූර ජෝෂුවා සුළු තුවාල ලබා දිවි බේරා ගඅනීමට සමත් උනත් ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙක් වගේම ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද වන ගාමි සහ ලතීෆ් මරුමුවට පත්වුනා.

මේ වන විට 36 හැවිරිදි වියෙහි පසුවන ඇන්තනි ජෝෂුවා ලන්ඩන් හී උපත ලබා තිබුනත් ඔහුගේ දෙමව්පියන් නයිජීරියානු ජාතිකයන්. ඔහුගේ ගම ඔය අනතුරු සිදුවූ ස්ථානයට නුදුරු ඔගුන් කියන ප්‍රාන්තයේ. ජෝෂුවා සිය ඥාතීන් සමග නව වසර උදාව සමරන්න සිය ගම්ප්‍රදේශය වෙත යමින් සිටියෙදී තමයි මෙම අනතුරට මුහුණ දීලා තියෙන්නේ. අනතුරට හේතුව විදියට සදහන් වෙන්නේ ජෝෂුවා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ගමන් කල ලෙක්සස් SUV රථය නියමිත වේග සීමාවන් ඉක්මවා ධාවනය කිරීමේදී රථය පාළණයෙන් ගිලිහී ගිහින් නවතා තිබූ ලොරි රථයක පිටුපස වැදිලා තියනවා.

රථයේ පිටුපස ආසනයේ ගමන් කල නිසාම ඇන්තනී ජෝෂුවා තුවාල ලබා දිවි ගලවා ගන්න සමත් වෙලා තියනවා. 2017 සහ 2019 වසර වලදී ලෝක හෙවිවේට් බොක්සිං ශුරයා බවට පත්වූ ජෝෂුවා 2012 වසරේ බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා. මියගිය ඔහුගේ මිතුරන් දෙදෙනාද ජෝෂුවි සමග කලක් ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩා කර ඇති අතර ඉතා සමීපව ඔහුව ආශ්‍රය කර ඇති බව වාර්ථා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *