නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වන ‘බුද්ධා එයාර්’ යානයක් ඊයේ (2) රාත්‍රියේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව ඇත.
කත්මණ්ඩු නුවර සිට පැමිණ ඇති මෙම යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සාගොස් මෙම අනතුරට ලක්ව තිබේ.
නේපාල බලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 51ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4ක් සිටි බවය. කෙසේ නමුත් ඒ කිසිවෙකුට තුවාල සිදුව නොමැත.
Ada Derana







