BREAKING NEWS
Search

වසර 127ක් බ්‍රිතාන්‍යයේ රහසක් ලෙස තිබූ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා යළි වඩම්මයි! ශාක්‍ය වංශිකයන් තැන්පත් කළ බවට සාක්ෂි හමුවේ…

2162

වසර සියයකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයේ පවුලක “රහසිගත පෞද්ගලික එකතුවක්” ලෙස පැවති, භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා ඇතුළු අතිපූජනීය වස්තූන් ප්‍රමාණය අද (03) සිට මහජන ප්‍රදර්ශනය සඳහා නව දිල්ලියේදී විවෘත වනවා.

මේ පුණ්‍ය මහෝත්සවය නම් කර ඇත්තේ “ආලෝකය සහ නෙළුම” (The Light and the Lotus) යන අන්වර්ථ නාමයෙන්.

1898 වසරේදී විලියම් ක්ලැක්ස්ටන් පෙප්පේ නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් උත්තර ප්‍රදේශ්හි පිප්‍රාවා ප්‍රදේශයේ කළ කැණීමකදී මේ ධාතූන් වහන්සේලා හමුවී තිබෙනවා. එහි තිබූ කරඬුවල බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබුණේ මේවා බුදුන් වහන්සේගේම ඥාති ශාක්‍ය වංශිකයන් විසින් තැන්පත් කළ බවයි.

මෙම ඓතිහාසික වස්තූන් අතර සුවිශේෂී මැණික් වර්ග 349ක් ද තිබී ඇති අතර, පෙප්පේ විසින් ඒවා රහසින් බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් තිබුණා. ඔහුගේ පවුලේ උරුමයක් ලෙස පැවති මේවා, 2025 වසරේ අප්‍රේල් මාසයේදී හොංකොංහි වෙන්දේසියකට දමා තිබියදී ඉන්දීය රජය මැදිහත් වී යළි ඉන්දියාවට ලබාගෙන තිබෙන්නේ “ගොඩ්රෙජ්” සමාගමේ මූල්‍ය අනුග්‍රහය ද ඇතිවයි.

“මෙය ඉන්දියාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ සුවිශේෂී ජයග්‍රහණයක්” බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!