BREAKING NEWS
Search

විදේශිකයින් රැගත් බස් රථයක් යටියන්තොටදී අනතුරට

41

 

 

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී (20) බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ගමන්ගත් ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගය අසල රැදී සිටි මවක්, දියණියක් සහ පුතෙකුද එම බස් රථයේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

එහිදී තුවාල ලබා සිටි අදාළ මව ජිවීතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජිවීතක්ෂයට පත්ව ඇත්තේ සිය දරුවන් දෙදෙනා උපකාරක පංති යැවීම සඳහා මාර්ගය අසළ රැදී සිටි 40 හැවිරිදි කාන්තාවකි.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!