BREAKING NEWS
Search

IPL වෙන්දේසියේදී කැමරන් ග්‍රීන්ට ඉතිහාසගත මිලක් – වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

3115

අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් කොල්කටා නයිට් රයිඩර්ස් විසින් වාර්තාගත ඉන්දීය රුපියල් කෝටි 25.2කට මුදලකට අලෙවි විය.

මෙය අයි.පී.එල්. ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!