මේ අවස්ථාවේ අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අද (09) පාර්ලිමේන්තුවේදී යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරිය මේ බව ප්‍රකාශ කළා.
මීට පෙරද, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් මේ සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් ආණ්ඩුවට යොමුකර තිබුණු බවයි සඳහන් වන්නේ.
එහිදී එයට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩුව කාලය ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් නැවත අද ආණ්ඩු පක්ෂයෙන් විමසූ අවස්ථාවේදී අගමැතිවරිය විසින් මේ බව ප්‍රකාශ කර සිටියා.
Source – එසැණ







