BREAKING NEWS
Search

සමලිංගික විවාහ ගැන කාදිනල් හිමිගේ විරෝධය.. කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?

2842

සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා.

සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු ?, කොහොමද එහෙම වෙන්නේ ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?.

එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා ” යනුවෙන් පැවසීය.

ලොවක්ම පිලිගත් ආගමික නායකයින් එසේ පැවසුවද ? රටේ ප්‍රධානම රූපවාහිනී නාලිකා ද්විත්වයේ පවා විකාශය වන්නේ සමලිංගික සබඳතා ප්‍රවර්ධනය කරනා ටෙලිනාට්‍ය වීම කණගාටුවට කරුණකි..!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!