BREAKING NEWS
Search

මහ බැංකු අධිපතිට බිලියන බාගයකට ආසන්න වත්කම් – BBC

3554

 

වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

මේ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි.

01. නිශ්චල වත්කම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
මිල දී ගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
මිල දී ගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
ඉදි කළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
මිල දී ගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
මිල දී ගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය

02. චංචල වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහන ය. ඒවායේ වටිනාකම පහත පරිදි ය.

උරුමයෙන් හිමි වූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
මිල දී ගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
උරුමයෙන් හිමි වූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්

03. සුරැකුම්පත්
ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.

රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
ඇ. ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

04. ආදායම්
මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.

රු. 11,088,279.95 – විශ්‍රාම වැටුප
රු. 5,434,512.00 – වැටුප
රු. 5,855,048.00 – පොළිය
රු. 2,280,000.00 – කුලී ආදායම
රු. 5,149,740.00 – පොළිය
රු. 600,000.00 – විශ්‍රාම වැටුප

05. මූල්‍යමය වත්කම්

මහ බැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනී යයි. එම වත්කම් පහත පරිදි ය.

බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් 16,730ක මුදල්

06. මුළු වත්කම් ප්‍රමාණය

ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් දක්වා ඇත.

ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.

BBC




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!