BREAKING NEWS
Search

වෙනිසියුලාව ගැන චීනයෙන් අමෙරිකාවට සැ ර ඉල්ලීමක්

1363

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ගේ ආරක්ෂාව ප්‍රමුඛ බවත්, වෙනිසියුලාවේ රජය පෙරළා දැමීම නවත්වන ලෙසත් චීනය පවසයි.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරය ‘ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්’ ලෙස චීනය අවධාරණය කරයි.

මධුරෝ සහ ඔහුගේ බිරිඳ රැගෙන ගොස් රටින් පිටුවහල් කළ බව අමෙරිකාව තහවුරු කිරීමෙන් පසු චීනය නිකුත්කළ දෙවන ප්‍රකාශය මෙය ලෙස සැලකෙයි.

චීනය ඊයේ පවසා සිටියේ, වෙනිසියුලාවට සහ එහි ජනාධිපතිවරයාට එරෙහිව එල්ලකළ ප්‍රහාරය ‘බලහත්කාරයෙන් බලය යෙදවීමක්’ බවයි.

වෙනිසියුලාවේ විශාලතම තෙල් ගැනුම්කරුවා චීනය වන අතර, චීනය එරට සමස්ත තෙල් ආනයනයෙන් 4-5%ක ප්‍රමාණයක් සිදුකරන්නේ වෙනිසියුලාවෙන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!