BREAKING NEWS
Search

නිලියන් පහක් සහ රූ රැජිණියක් ගැනත් CID පරීක්ෂණ – අසැබි විඩියෝවකුත් පද්මෙට යවලා…

3574

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය ඔස්සේ කළ පරීක්ෂණවලට අනුව ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් පස්දෙනකු හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් හයදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් අතර ඔහුට අයත් ජංගම දුරකථන 28 ක් ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මෙම ජංගම දුරකථනයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තම පෙම්වතා සමගින් සිටි අසැබි වීඩියෝවක්ද තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

තවත් රංගන ශිල්පිනියන් පස්දෙනකුගේ හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපද එම ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති අතර බොහෝ ඒවා විදේශ රටවලදී කෙහෙල්බද්දර පද්මේ සමගින් ගත් ඡායාරූප බවද එම ආරංචිමාර්ග කියා සිටියි. මේ විමර්ශනයට අදාළව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා (21 වැනිදා) පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Source – Aruna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!