BREAKING NEWS
Search

රනිල්ගෙන් ප‍්‍රශ්ණ කරන්න CID කැදවයි..

476

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා ඇත.

ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු කළ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර තිබේ.

මෙම විමර්ශනයට අදාළව, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම විමර්ශනය, හිටපු ජනාධිපතිවරයා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිල සංචාරයකින් පසු එංගලන්තයට ගොස් එරට විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම ආශ්‍රිත චෝදනාවක් සම්බන්ධයෙන් බවද වාර්තා වේ.

Source – lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *